කොරෝනාවෙන් රට ගොඩ ගන්නේ මෙහෙමයි (How to rebuild the country with Covid19)

කොරෝනාවට ප්‍රතිකාර (Corona treatments in Sri Lanka)

අපි හැමෝම දන්නවා මේ වෙද්දිත් කොරෝනා (Covid 19) නිසා රට තියෙන්නේ ඉතාම බැ‍රැරුම් තත්ත්වයක.

නමුත් වෛද්‍යයවරයෙක් විදියට මම දකින්නේ ඔබ හිතනවට වඩා ගොඩක් බැ‍රැරුම් තත්ත්වයක තමයි රට තියෙන්නේ. ඇත්තටම ඔබ ඒ තත්ත්වය ඇත්තටම අත් දකිනවානම් හුලන් පාරක් වදින්නවත් එලියට බහින්න බය වෙනවා. 

ඒ එක්කම වෛද්‍යයවරු , හෙදියෝ, අනෙකුත් සෞඛ්‍ය සේවකයෝ බුරුතු පිටින් පොසිටිව් වෙනවා, දවසගානේ එකා එකා මැරෙනවා. අපි හරියට වැඩේ අවබෝධ කර ගත්තේ නැත්නම් අපිට බෙහෙත් කරන්නවත් කවුරුත් ඉතුරු නොවි, ස්වාභාවික වරණයට අනුව ශක්තිය තියෙන අය විතරක් බේරිලා අනිත් සේරම මැරිලා යන එක අහන්න දෙයක් නැ. 

කොවිඩ් 19 මරණ (death of covid 19

එතනිදි අපි මැරෙන්නේ කොරෝනා නිසාද ? එහෙමත් නැත්නම් දියවැඩියාව ප්‍රෙෂර් වගේ වෙනත් අසනීප වලට බෙහෙත් නැතිවද? එහෙමත් නැත්නම් කන්න බොන්න විදියක් නැතිවද කියන එක වැදගත් නැ. අපි මේ තත්ත්වය හරියට තේරුම් නොගෙන ඉස්සරහට ගියොත් ඉතාම බැ‍රැරුම් තත්ත්වයක් එන එක නවත්වන්න බැ

  1.  රට වහන එක හරිද?
  2. ගෙදර ඉදන් බෙහෙත් දුන්නම හරිද?
  3. ගාර්මන්ට් ටික අරින්නම ඔනේද?
  4. රට වැහුවම මිනිස්සු කන්න බොන්න නැතිව මැරෙවිද?
  5.  එන්නත් දීපුවම සේරම ඉවරද?

අපි මේ සේරම දේවල් එකින් එක පොඩ්ඩක් සූක්ෂමව බලමු.

අපි මේ වෙනකොට ඉන්නේ වසංගත රෝගයක 4වන අවස්තාවේ (stage 4) ඒ කියන්නේ සමාජ ව්‍යාප්තිය (stage of community transmission of corona) උපරිම අවස්ථාවේ. ඉතින් ඒ වගේ අවස්ථාවක, පලමු මට්ටමේ තිබ්බ stratergies හරි යන්නේ නැ. උදාහරණයක් විදියට පලමු මට්ටමේදිනම් රෝගියත් වෙන් කරනවා (Quarantine). ගෙවල් වල අයත් වෙන් කරනවා. රෝගියාව මොහොතකට හරි හම්බුන හැම කෙනාම (වෛදයවරුන් ඇතුලුව) සේරම නිරෝධායන කරනවා. 

ඉතින් මේ ක්‍රමය සම්පූර්ණයෙන් හරි නොවුනත් ඒක සාර්ථක ක්‍රමයක් බව අපි දැක්කා. ඒ එක්කම ඒ නිසා අපි පලවෙනි ‍රැල්ලෙන් (1st wave of Covid 19) වගේම දෙවෙනි ‍රැල්ලෙනුත් (2nd wave of Covid 19) ගොඩ ගියා. ඉතින් ඒ එක්කම කියන ඊලග කාරණය තමයි ලොක් ඩවුන් (Lock down of country) එහෙමත් නැත්නම් ඇදිරි නීතිය.

1. ලොක්ඩවුන් කරන එක හොදද? (is it good to lockdown the contry to prevent Corona?)

මා එක්ක මේ ගැන ගොඩක් අය කතා කලා. ඇත්තම මේ වෙලාවේ ලොක්ඩවුන් (lockdown) එකක් කියන්නේ කිසිම වැඩකට නැති දෙයක් වෙන්න පුලුවන් කියන එක ගොඩක් දෙනෙක්ට මම කියන්න ඇති. මොකද සමාජය තුළ එච්චටම රෝගය පැතිරිලා තියෙනවා.

නමුත් ලොක් ඩවුන් එකකින් පොඩි හරි සහනයක් වෙනවා කියන එක අවබෝධකර ගන්න ඔනේ. නමුත් ඒක නාමික ලොක් ඩවුන් එකක් වෙලා බැ කියන එකත් අපි අවබෝධ කර ගන්න ඔනේ. උදාහරණයක් විදියට ලොක් ඩවුන් එක සීමා වෙන්නේ දවල්ට විතරනම් , නැත්නම් ‍රැට විතරනම් ඒකත් විහිලුවක් වෙන්න පුලුවන්.

මගේ මතය අනුව මේ මොහොතේ අවම වශයෙන් සතියකවත් පූර්ණ ලොක් එකක් වෙනවානම් සුදුසුයි. මොකද මේ නිසාම ගොඩක් සේවකයන් සේවයට වාර්තා කිරීම අවම වෙනවා. ඒ එක්කම විශේෂයෙන් පලාත් දිස්ත්‍රික් සීමා බිදගෙන එන්න වෙන ගොඩක් අය මේ අතර ඉන්නවා. ඉතින් අපිට ලොක් ඩවුන් එකකින් මේ සෙරම අඩාල කරලා වෛරසය එක තැනකට සීමා කරන්නම බැරි උනත් කුඩා කුඩා පොකුරු (small covid clusters) 1000කට 2000කට වත් සීමා කරගන්න පුලුවන් වෙනවා.

ඉතින් ඇත්තම හරියට ලොක්ඩවුන් එක ක්‍රියාත්මක වෙනවානම් ලොක්ඩවුන් එක තමයි රටට ගොඩ යන්න තියෙන පලවෙනි පියවර.

2. ගෙදර ඉදන් බෙහෙත් කරන එක සාර්ථක ක්‍රමයක්ද? (Whether the home treatments for Covid 19 is successful?)

මම දිගින් දිගටම කියපු දෙයක් තමයි අපි අපේ Capacity threshold/ treatment threshold) එක හරියට අවබෝධකරගෙන වැඩ කරන්න ඔනේ කියන එක. මොකද එහෙම නොවුනොත් අපි නිවැරදි අවස්ථාවේ නිවැරදි තීරණ ගන්නේ නැ. උදාහරණයක් විදියට ලංකාවේ තියෙන හොස්පිටල් වල ඇදන් සංඛ්‍යාව 20,000නම් අපිට එතනින් එහාට යන්නනම් තවත් ඇදන් 20,000ක් වත් එකතු කරලා තව දුරටත් අපේ ඉඩකඩ වැඩිකරගන්න ඔනෙ.

නමුත් එහෙම ඇදන් වැඩි කරපු පමණින්ම අපේ කැපැසිටි එක වැඩි වෙන්නේ නැ. අපේ මානස සම්පත (human resources)  අවශ්‍යය තරම් ඉන්න  ඔනේ. අපි හැමෝම දන්න දෙයක් තමයි ලංකාව කියන්නේ අවම සෞඛය කාර්්‍යය මණ්ඩලයකින් උපරිම ක්‍රියාකාරිත්වයක් ගනන් රටක් කියලා. නමුත් ඒ වගේ රටකට තවදුරටත් ඒක වැඩි කරන්න බැ. මොකද දැනටමත් ඔවුන් ඔවුන්ගේ උපරිමයෙන් කරගෙන යන නිසා.

Home based covid 19 treatments in Sri Lanka

ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ අපිට නිවසේ සිට කරන ප්‍රතිකාර (home based treatments for corona in Sri Lanka) අවස්ථා වැඩි කරන්නම වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපිට මේ බර සෞඛ්‍යය වෛද්‍යය නිළධාරියාට (MOH) සම්පූර්ණයෙන් පවරන්න බැ. මොකද එක එම් ඕ එච් කෙනෙක්ට ජනගහනයෙන් 50,000- 60,000ක් පමණවත් ප්‍රමාණයක් බලන්න වෙනවා. මෙතනදි වැදගත්ම දේ තමයි අදාල ප්‍රදේශයේ ඉන්න පෞද්ගලික වෛද්‍යය සේවයේ නියුතු වෛද්‍යය වරුන්ට (full time / part time general practitioners or family doctors) ඒ වගකීම බාර දෙන එක. 

මොකද කීවොත් පොසොටිව් වුන රෝගියෙක් ඉන්න, ඒත් එක පී එච් අයි (PHI) මහත්තයෙක්ට , සෞඛයය වෛද්‍යය නිළදාරියෙකුට (MOH) එන්න බැරි උන ගෙවල් ඕනේ තරම් තියෙනවා. ඒ එක්කම මේ හේතුව නිසාම නිරෝධායනය (home quarantine) කලාට පසුව රෝග ලක්ෂණ ඇතිවෙන අයට ප්‍රතිකාර ලබාගැනීමට හැකියාවක් නැති වෙනවා. ඒ නිසාම මේ පිලිබඳ අවශ්‍යය කටයුතු කරන්නම වෙනවා.

ගොඩක් වෙලාවට ගෙදර ඉදන් ප්‍රතිකාර ගන්න එක රජයට වගේම ගෙදර අයටත් හොදයි. නමුත් සමහර රෝගීන්ට ගෙදර ඉදන් බෙහෙත් ගන්න බැරි පාරිසරික, ආර්ථික ගැටලු තියෙන්න පුලුවන්. ඒ ගොල්ලනට එහෙම නවතින්න සුදුසු ස්ථාන අදුනගෙන ඒවාට යොමු කරන්න වෙනවා.

ඒ එක්කම තමයි මහාචාර්යය තිස්ස විතාරණ මහතා කියපු ගම මුල් කර ගත්ත රෝගීන් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර වලට යොමුකිරීමේ ක්‍රමවේද මේ සඳහා ඉතාම සුදුසුයි. ඇත්තම මේ වගේ විශේෂඥයන් මේ ක්‍රියාවලියේ නැතිවීම ඉතාම කනගා‍ටුදායක කාරණයක්.

මේ හැම දෙයකින්ම  Medical Officer of Health , ඒ වගේම කොරෝනා ප්‍රතිකාර කරන වෛද්‍යය වරුන්ට (doctors in covid 19 units) තියේන් කාර්්‍යය ප්‍රමානය අවම වෙලා ඔවුන්ගේ උපරිමය ලබා ගන්න පුලුවන්.

3. ගාර්මන්ට් ටික අරින්නම ඕනෙද? (Is it okay to open to garment factories)

පහුගිය දවස්වල ෆේස්බුක් එක හරහා පලවුන සමහර වාර්තා අනුව මේ දිනවල ලංකාවට විදේශ විනිමය ගෙනෙන එකම ක්‍රමය ගාර්මන්ට් ටික කියන එක පෙන්නලා දෙන්න උත්සහ කරලා තිබ්බ බව පේන්න තිබ්බා. එක 100% වැරදි නැ. නමුත් රෝගය පැතිරෙන්න සමහර ගාර්මන්ට් ෆෑක්ටරි (Garment factory) වල වැරදි ක්‍රියාකාරීතවයන් දායක වුනා.

මම දන්න එක ෆැක්ටරි එකක් තිබ්බා, මේකේ 2000 – 3000ත් අතර ප්‍රමාණයක් වැඩ කාරනවා. නමුත් ඔවුන් දිගින් දිගටම සතිපතා සෞඛයය නිර්දේශ (Health guidelines) වලට අනුව පී සී ආර් (PCR for Covid 19) , ‍රැපිඩ් ඇන්ටිගෙන් (RAT) පරීක්ෂණ කරගෙන ගියා. මේ නිසාම ගොඩක් රෝගීන් මුල්ම අවස්ථාවලදී අහු උනා. වගේම රටට සහ ඔවුන්ට අවම හානියක් සහිතව දිගටම වැඩ සිද්ධ උනා.

 ඒ එක්කම තවත් එක ෆැක්ටරි එකක දන්න විදයට සේවකයන් 200 -300 වගේ හිටියා. ඔවුන් බොහෝ කාලයක් යනකම් මේ වගේ පරීක්ෂණ කලේ නැ. ඒ වගේම එහෙන් මෙහෙන් එක්කෙනෙක් දෙන්නෙක් පොසොටිව් වෙද්දි පටන් ගත්තත් දිගටම කලේ නැ. අවසානෙට උනේ මුලු ප්‍රදේශයටම වෛරසය පැතිරිලා යනකම් සෞඛ්‍යය නිර්දේශ හරියට ක්‍රියාත්මක නොවුන එකයි.

ඉතින් මේ උදාහරණ දෙක බලද්දි ඔනේ කෙනෙක්ට තේරෙනවා, ගාර්මන්ට් හරි අනෙක් කර්මාන්ත හරි ක්‍රියාත්මක වෙන්න ඔනේ කියන එක. නමුත් ඒවා සම්පූර්ණ සෞඛ්‍යය අධීක්ෂණය යටතේ පමනක් සිද්ධ වෙන ඔනේ කියන එක. එහෙම නොවුනොත් සිදුවන හානිය අපිට හිතාගන්න බැරි වෙනවා.

ඒ එක්කම තමයි අපි හිතන් ඉන්නේ ගාර්මන්ට් ෆැක්ටරි ඇරෙන්න අපිට ගොඩ යන්න වෙන ක්‍රම නැ කියන එක. ඇත්තමට කීවොත් අපේ රටේ වෛද්‍යයවරු, ඉන්ජිනේරුවෝ, ශ්‍රමිකයෝ විශාල ප්‍රමණයක් මේ වෙද්දිත් පිටරටවල සේවය කරනවා. රජය විසින් ඒ හැමෝගෙනම් රටට අවශ්‍ය විදේශ සංචිත පවත්වාගැනීම වෙනුවෙන් මුදල් එවීමට සුදුසු වැඩ පිලිවෙලක් හදන්න ඔනේ. එහෙම නැතිව එවන සල්ලි වලටත් ටැක්ස් ගහන එක නොවේ වෙන ඔනේ.

 

ඒ එක්ක්ම මම දැක්ක දෙයක් තමයි අපි තවමත් තොරතුරු තාක්ෂණය ආශිත ‍රැකියා වලින් රටට විදේශ විනිමය ගෙන්නලා දෙන්න වැඩපිළිවෙලක් හදලා නැ කියන එක. උදාහරණයක් විදියට පේ පැල් විවෘත කිරීම වගේ දේවල් සිද්ධ වෙන්න ඔනේ. ඒ එක්කම ඉතාම මැතකදි උන දෙයක් තමයි කාඩ් මගින් සිදුකරන සියලුම ගෙවීම් බ්ලොක් කිරීම. ඇත්තෙන්ම ඉන්ටර්නෙට් හරහා ලංකාවට ඩොලර් ගෙනත් දෙන බොහෝ දෙනක් ෆේස්බුක් , ඊ බේ වගේ දේවල් වලට ගෙවීම් සිද්ධ කරන්නේ මේ හරහා. ඉතින් වෙන්නේ නිකන්ම ඔවුන්ගේ ව්‍යාපාර අඩාල වෙලා දෛනිකව විශාල මුදලක් අහිමි වීම.

4. මිනිස්සු කන්න බොන්න නැතිව මැරෙවිද? (Would people die due to starvation)

ඇත්තටම ඔවි.

ඇත්තටම Corona ඇවිත් දැන් අවුරුදු 3ක් වෙනවා. තවමත් අපිට ආහාර හුවමාරු වෙන යාන්ත්‍රනයක් (Exchange mechanism of necessary foods) හදාගන්න බැරි වෙලා තියෙනවා. ඒකෙන් පේනවා අපි කොච්චර අකාර්යෂමද කියලා.

ඇත්තෙනම මම දන්න විදියට ඒ ඒ ප්‍රදේශයට අදාල දෛනික නිශ්පාදන පිලිබඳව අදාල ප්‍රාදේශිය ලේකම්ට, දිසාපතිට ඉතා හොද අවබෝධයක් තියෙනවා. උදාහරණයක් විදියට පුත්තලම දිස්ත්‍රිකය තුළ ඉතා විශාල කරවල ප්‍රමාණයක් නිශ්පාදනය වෙනවා, පොල් ප්‍රමාණයක් නිශ්පාදනය වෙනවා. නමුත් පොල් ගොවින්ට රුපියල් 50ක් විතර ලැබෙද්දි වෙනත් ප්‍රදේශයක මනුස්සයෙක් ඒවා මිලදී ගන්නේ 100කට වඩා වැඩි මුදලකට. ඒ එක්කම දඹුල්ලේ එලවලු නිෂ්පාදන විසිකරලා දද්දි අපේ ප්‍රදේශවල මිනිස්සු කන්න එලවලුවක් නැතිව ඉන්නවා.

 මෙහෙම බලද්දි අපිට පේන වැදගත්ම කාරනයක් තමයි අපි supply chain of foods එක තියාගෙන යන්න අපොහොසත් වෙලා තියෙනවා. ඒ නිසි ක්‍රමවේදයක් නැති එක. නමුත් ගොඩක් සුපිරි වෙලදසල් මේ අභියෝගය ඉතාම ලේසියෙන් ජයගෙන තියෙනවා.

ඉතින් ඊලග කාරණය තමයි අපි රෝගය නිවැරදිව කළමණාකරණය කර නොගත්තොත් අපේ ශ්‍රම බලකාය (working force of country) විනාශවෙලා යනවා. ඒ එක්කම ලොකු ආර්ථික විනාශයක් වෙනවා. මේ නිසාම මේ පිළිබඳ සුදුසු තීරණ නොගත්තොත් ඉතා ඉක්මනින් මේ ගැටලුවට අපිට මූන දෙන්න වෙනවා.

5. එන්නත දීපුවාම සේරම ඉවරද? (Whether the vaccination is ultimate option for Sri Lanka)

අවසාන වශයෙන් රට ලොකවුන් කරපු අවස්ථාවේ අපි දැක්ක දෙයක් තාමයි Covid 19 එන්නත් ලාබාදීමේ ක්‍රියාවලිය (Vaccination program) සාර්ථකව සිදු වුන එක. මේ හරහා ජනගහනයේ අවුරුදු 30ට වැටි 80%-90%කට වඩා වැඩි ප්‍රතිශතයකට පලමු එන්නත් මාත්‍රාව (1st dose of vaccine) ලැබිලා තිබුනා.

 නමුත් දෙවෙනි මාත්‍රාව දෙන්නත් කලින්, අඩුම වශයෙන් පලමු මාත්‍රාව දිලා සති 2ක් වත් යන්න කලින් රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීම සිදු වුනා. මේ හරහා අපිට එන්නත්කරණය හරහා ලබාගන්න තිබ්බ ලොකු ජයග්‍රහනයක් නැත්තටම නැතිව ගියා. ඒ එක්කම කොරෝනා රෝගීන් වාර්ථාවීම් (high rates of positives), මරණ (high rate of covid 19 deaths) අතින් රට අන්තයටම යාම සිද්ධ වුනා.

ඇත්තමට කවුරු මොනවා කීවත් අපිට පෙනෙන්ටට තියෙන දේ තමයි අපට එන්නත් කිරීම ආරම්භ කරන්න ලොකු අවශ්‍යතාවයක් තිබ්බේ නැ කියන එක. එහෙම තිබ්බනම් මුලු ජනගහනයම එන්නත් කරන්න අපිට මෙච්චර කල් යන්නෙත් නැ.

සමහර අය හිතනවා එන්නත් දෙක ගහ ගත්තාම සේරම ඉවරයි කියලා. ඔවු රටේ 90%කටවත් එන්නත් දෙකම සම්පූර්ණ කරලා නියමිත ප්‍රතිශක්තීකරණ මට්ටමට ආවට පස්සේ අප්ට සිංගප්පුරුව කරන ඒවා කරන්න පුලුවන්. ඒත් තවමත් අපි ඒ මට්ටමේ නැ. 

ගොඩක් වෙලාවට ඕස්ට්‍රේලියාව , නවසීලන්තය වගේ රටවල් ඔච්චර දියුණු රටවල් වෙලත් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරද්දි අපි , මත්ද්‍රවයය ගන්න පුද්ගලයෝ දකින හීන ලෝකවල තියෙන දේවල් වගේ දේවල් අත්හදා බලන්න යනවා. ඔය කියපු රටවල් එහෙම නොකරන්නේ ඔවුන්ට සෞඛ්‍ය පහසුකම් නොතිබෙන නිසා නෙවේ කියන එක අපි අවබෝධ කරගන්න ඔනේ.

අවසානෙට

මේ සේරම කරත් මෙන්න මේ දෙක නොකලොත් අපි අසාර්ථකයි

1. ජනතාවගේ සිතුම් පැතුම් ජීවන රටා වෙනස් කර ගැනීම
2. කොරෝනා පිලිබඳ තීරණ ගැනීමේ මූලිකත්වය සෛඛ්‍ය පිලිබඳ ඉතා හොද අවබෝධයක් තිබෙන කමි‍ටුවකට භාර දීම

 

මේ කියන්නේ හමුදාව විතරක් ඉන්න කමි‍ටුවක් ගැන නෙවේ. හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍යය අනිල් ජාසිංහ, කොරෝනා මර්ධන ඇමතිනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, මහාචාර්යය තිස්ස විතාරණ වැනි පුද්ගලයෙකුගේ මූලිකත්වයෙන්, අනෙක් සමාජිකයන්ද ඇතුලුව, සෞඛ්‍ය ඇමති, සෞඛ්‍යය අධ්‍යක්ෂ ජනරාල්, හමුදාපති, පොලිස්පති ,රජයේ වෛදයය නිළදාරින්ගේ සංගමය ඇතුලු අනෙකුත් සෞඛ්‍යය සේවකයන් පිලිබඳ වගකීමක් දරන සංගම් වල නියෝජිතයා බැගින්, ආර්ථික විශේෂඥයන්ගෙන් යුක්ත කමි‍ටුවක්. මේකට ඉතාම සුදුසු වෙනවා.

  1. Strict travel restrictions can help control Delta variant spread – Prof. Tissa Vitharana , Daily News. visit here  
  2. Abdulkadir Atalan, Is the lockdown important to prevent the COVID-19 pandemic? Effects on psychology, environment and economy-perspective, Annals of Medicine and Surgery, Volume 56, 2020, Pages 38-42, ISSN 2049-0801, https://doi.org/10.1016/j.amsu.2020.06.010.  
  3. What next for Asian garment production after COVID-19?

By Dr. Sanjaya U Jayasooriya

Dr Sanjaya U jayasooriya is a doctor with experience in different fields of health including obstetrics, general medicine, renal medicine & dialysis, Transfusion medicine and etc. He is a health educator and general practitioner.

Leave a comment

Your email address will not be published. Required fields are marked *