අංශභාගය (Stroke) කියන්නේ ගොඩක් දෙනෙක්ගේ ජීවිතේ විදින්න අකමැතිම රෝගයක්. මොකද කීවොත් අංශහාගයට ගොදුරුවන රෝගීන් බොහෝදෙනෙක්ට එතැන් සිට ජීවිත කාලයම එක්තැන්ව ඇදකට වෙලා කාලය ගෙවන්නට සිදුවෙනවා. ඒ එක්කම බොහෝ දුක් විදලා, බොහෝ ප්‍රතිකාර කරලා කිසිම ගුණයක් කිසිම හොදක් නැතිව නිකන්ම මරණයට පත්වෙනවා.
ඉතින් ඒ නිසාම අංශභාගය එහෙමත් නැත්නම් ආඝාතය වලක්වාගන්නේ කොහොමද කියන එක වගේම, Stroke එකක් ඇතිවුනොත් සුව කරගන්නේ කොහොමද කියන එකත් සංකූලතා අවම කරගන්නේ කොහොමද කියන එතත් කතා කලොත් හොදයි කියලා හිතුනා.
අංශභාගය කියන්නේ කොයිවගේ රෝගයක්ද? (What is stroke)
අංශභාගය කියන වචනෙන්ම තේරෙනවා අපේ ශරීරයේ එක් අංශයකට අදාල රෝගයක් කියලා. ඒ කියන්නේ බොහෝවිට අපේ ශරීරයේ එක පැත්තකට පමණක් බලපාන රෝගයක්. බොහෝ විට මෙහිදී සිදුවන්නේ ශරීරයේ එක පැත්තක් සම්පූර්ණයෙන්ම පණ නැතිවී යන එක.
නමුත් ඊට අමතරව ශරීරයේ එක කොටසක පමණක් ඇතිවෙන අංශභාග තත්ත්වත් තියෙනවා. එක්කෝ අතක එහෙමත් නැත්නම් කකුලක ක්‍රියාකාරීත්වය නැති වෙනවා. එහෙමත් නැත්නම් අත හෝ කකුල හිරිවැටීමකට (sensory stroke) ලක්වෙනවා. මේ තමයි මෙම රෝගය ගැන කරන්න පුලුවන් සරළම පැහැදිලි කිරීම.
අංශභාගය ඇතිවෙන්නේ ඇයි? (Mechanism of Stroke)
අපේ ශරීරයේ තියෙන සියලූම ස්නායූ සංවේදන වගේම,මාංශපේශි වල ක්‍රියාකාරීත්වයන් සඳහා මධ්‍යය ස්නායු පද්ධතිය (Central nervous system) ඉතාම වැදගත් වෙනවා. ඒ කියන්නේ ඔබ කරන හැම දෙයක්ම සිදුවන්නේ මධ්‍යය ස්නායු පද්ධතිය හරහායි. එයිනුත් මොළය(Brain) ඉතාම වැදගත් වෙනවා. අපේ ශරීරයේ සියලුම මාංශපේෂි පාලනය වන්නේ මොළයේ විවිධ කොටස් වලින්. උදාහරණයක් විදියට දකුණු අතට අදාල කොටසක් තියෙනවා වගේම වම් අතට අදාල කොටසක් තියෙනවා. මේ එක් එක් කොටසින් තමයි අදාල කොටසට අදාල මාංශපේෂි වල ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ.
ඉතින් සමහර අවස්ථාවල මොළයේ අභ්‍යන්තර ලේ ගැලීම් වෙනවා(Hemorrhagic stroke), එහෙමත් නැත්නම් අභ්‍යන්තර නහරවල ලේ කැටි සිරවීමක් වෙනවා(Ischemic Stroke). මේ නිසා අදාල රුධිර නාලය මගින් රුධිරය සපයන මොළයට අදාල කොටස මරණයට පත්වෙනවා. ඒ නිසා අදාල කොටසට අදාල මාංශ පේෂි අක්‍රියවෙලා යනවා. එහෙමත් නැත්නම් ස්නායු අක්‍රීය වෙලා යනවා. මේ හේතුව නිසා තමයි, අංශභාගයේදි ශරීරයේ කොටසක් පණ නැතුව යන්නේ.
අංශභාගය ඇතිවන්නේ කාටද?
ඇත්ත්ටම කීවොත් අංශභාගය එහෙමත් නැත්නම් ආඝාතය කියන්නේ ඕනැම වයසක ඕනෑම කෙනෙක්ට හැදෙන්න පුලුවන් අසනීපය. නමුත් බොහෝවිට දකින්නට ලැබෙන්නේ වැඩිහිටියන් අතර. මේකට ප්‍රධානම හේතුව වන්නේ වැඩිහිටියන් අතර පවතින විවිධ බෝ නොවන රෝග. නමුත් දැන් දැන් තරුණ පරපුර අතරත් stroke දක්නට ලැබෙනවා.
කොහොම උනත් අංශභාගයට ප්‍රධාන හේතු වර්ග දෙකක් පවතිනවා
1. වෙනස් කල හැකි හේතු (Modifiable risk factors)
2. වෙනස් කල නොහැකි හේතු (Non modifiable risk factors)
වෙනස් කල හැකි හේතු
- අධි රුධිර පීඩනය
- පපුවේ අමාරුව
- දියවැඩියාව
- දුම් පානය
- කොලෙස්ටරොල්
- හෘද වස්තුවේ කම්පනයේ වෙනස්කම්
- ව්‍යායාම අඩුකම
- අධික මත්පැන් භාවිතය
- මත්ද්‍රව්‍යය
- කලින් ඇතිවූ අංශභාග තත්ත්ව
- රුධිර ඝනත්වය වැඩිවීම
- උපත් පාලන පෙති
වෙනස්කල නොහැකි සාධක
- වයස
- ලිංගිකත්වය
- ජානමය හේතු
අංශභාගය හඳුනාගන්නේ කෙසේද?
සාමන්‍යය අංශභාග තත්ත්වයක් සාමන්‍යය පුද්ගලයෙකුට වූවද හදුනාගත හැකියි. එය එතරම්ම පොදු රෝගි තත්ත්වයක්. නමුත් මූලික අවස්ථාවේ පවතින අඝාත තත්ත්වයක් නම් එසේ හඳුනාගැනීම අපහසු වෙන්න පුලුවන්. ඒවා වෛද්‍යයවරයෙකු විසින් හඳුනාගැනීම සිදුකරනවා. විශේෂයෙන්ම මෙවැනි තත්ත්වයක් සැක කරනවානම් ඔබ කල යුත්තේ ඉක්මනින්ම වෛද්‍යයවරයෙකු හමුවීම හෝ ලගම තිබෙන රෝහලට ඇතුලු වීම.
අංශභාගයක රෝග ලක්ෂණ ලෙස;
- අතක, කකුලක, මුහුනේ හෝ ශරීරයේ එක් පැත්තක ඇති දුර්වලතාවයක් (arm, leg or facail weakness)
- කතාකිරීමේ අපහසුවක් එහෙමත් නැත්නම් හදීසී ගොතයක් වැනි යමක් (Slurring of speech)
- පෙනීමේ දුර්වලතාවයක් (Sudden impairment of vision)
- කලන්තයක්, කැරකිල්ලක් හෝ සමබරතාවයේ ගැටලුවක් (Issues with balance or dizziness)
- හදීසීයේ ඇතිවෙන ෆිට් එකක් (Sudden onset seizure)
- හදීසි හිසේ කැක්කුමක් (Sudden onset severe headache)
දකින්න ලැබෙනවා.
stroke සඳහා වන පරීක්ෂණ
අංශභාගයකදී මේක කුමන ආකරයක stroke තත්ත්වයක්ද කියන එක බාහිරින් බලලා කියන්න අමාරුයි. ඒ වගේම තමයි සමහර ප්‍රතිකාර පවා ඇතිවි ඇති තත්ත්වය මත වෙනස්වෙනවා. ඒ නිසාම ආඝාත තත්ත්වයකදි සීටී පරීක්ෂණයක් (CT Scan) කියන්නේ අනිවාර්යය අංගයක්.
ඒ හැරුනාම අදාල ගැටලුවට හේතුව හෙවිම සඳහා තවත් විවිධ පරීක්ෂණ ගනනාවක් කරන්නට වෙනවා.
Mini Stroke හෙවත් TIA
අපි ආඝාත තත්ත්වයක් කියලා හඳුන්වන්නේ බොහෝවිට නැවත ක්ෂනිකව යතාතත්ත්වයට පතකල නොහැකි ආකාරයේ ශරීරික දුවලතායක්. සමහර අවස්තාවම සමහර රෝගීන්ගේ පැය කිහිපයක් පමණක් ඇතිවන අතක, කකුලක හෝ මුහුනේ දුර්වලතාවයක් ඇතිවෙනවා. මෙය අපි සරලව Mini Stroke එහෙමත් නැත්නම් TIA කියලා හඳුන්වනවා.
අංශභාගය සුව කළ හැකිද?
ගොඩක් දෙනෙක් අංශභාගය (stroke) සුව කරන්නට විවිධ වු අසාර්ථක ප්‍රතිකාර පසුපස දිවයන එක අපි නිතර දැකලා තියෙනවා. ඒ නිසාම ඒ පිළිබඳ වැඩි අවධානයක් දෙන්න කල්පනා කලා.
අපි කලින් කතා කරපු Mini Stroke එහෙමත් නැත්නම් TIA වලට ලොකු ප්‍රතිකාරයක් නැතිවම පැය 24 -48 වගේ කාලයක් අතර සම්පුර්ණ සුවය ලැබෙනවා.
නමුත් එතනින් එහාට ගියාම හිසේ සිදුවන ලේ ගමන අඩාල වීම නිසා ඇතිවන Ischemic stroke එහෙම ක්ෂණිකව සුව වෙන්නේ නැ. මේ සඳහා අනිවාර්්‍යෙන්ම දීර්ඝ කාලීන ප්‍රතිකාර වගේම ව්‍යායාම අවශයය වෙනවා.
ඒ එක්කම තමයි නැවත එවැනි තත්ත්වයක් ඇති නොවීමට අවශ්‍යය දේවල් කරන්න වෙනවා. උදාහරණයක් විදියට දුම්පානය නැවැත්වීම, දියවැඩියාව, අධික රුධිර පීඩනය පාලනය කිරීම වගේ අංග පෙන්වලා දෙන්න පුලුවන්.
ඒ එක්කම Hemorrhagic Stroke සම්බන්ධව ප්‍රතිකාර ඊට හාත්පසින්ම වෙනස් සමහර අවස්ථාවල හදීසි ශල්‍යයකර්ම පවා කරන්න වෙනවා.
Reference
- CDC : Stroke ; https://www.cdc.gov/stroke/index.htm
- Johns hopkins medicine : Risk factors for Stroke ; https://www.hopkinsmedicine.org/health/conditions-and-diseases/stroke/risk-factors-for-stroke