නිතර ඇතිවන බඩේ වේදනාව ගැස්ට්‍රයිටිස්මද? (Gastritis)

ගැස්ට්‍රිටිස් gastritis in sinhala

ගැස්ට්‍රිටිස් (Gastritis) , හැමදාම එන බඩේ දැවිල්ල (gastric burning) , එහෙමත් නැත්නම් උගුරට එන එක (Regugitation) , අපිට නිතර රෝගීන්ගෙන් අහන්න ලැබෙන කන්කෙදිරියක්.

 

ඉතින් ගොඩක් දෙනක්ගෙන් අහන්න ලැබෙන එක ප්‍රශ්නයක් තමයි හරියට කැම කන්න වෙලාවක් නැ. එහෙමත් නැත්වනම් කැම කන්නේ වෙලා ගිහින් (improper eating habits) ඒ නිසා Gastritis හොද වෙන්නේ නැතිව ඇති කියලා.

 

ගැස්ට්‍රයිටිස් (Gastritis) කියන්නේ කොච්චර බහුල තත්වයක් වුනත් ඒ හා බැදුනු බොහෝ වැරදි සංකල්ප (myths on gastritis treatments) ගොඩක් තියෙනවා කියලා පේනවා. 

 

ගැස්ට්‍රයිටිස් කියන්නේ මොකක්ද? (What is gastritis)

අපි පොදු ව්‍යවහාරයේදී ගැස්ට්‍රයිටිස් (Gastritis) කියන එහෙමත් නැත්නම් අම්ල පිත්ත රෝගය (Amla piththa Rogaya) කියන, අමාශයික ප්‍රදාහය කියන එහෙමත් නැත්නම් වෙන වෙන බොහෝ නම් වලින් හදුන්වන රෝග තත්වයක් වුවත් ගොඩක් දෙනෙක් ගැස්ට්‍රයිටිස් කියන්නේ මොකක්ද කියලා හරියට අවබෝධ කරගෙන නැ.

 

සරලව කියනවනම් Gastritis කියන්නේ අපේ ආහාර මාර්ගයේ ආමාශ බිත්තිය අශ්‍රිතව ඇතිවන යම් ගැටලුකාරී තත්වයක්. මෙය ප්‍රදාහයික තත්ත්වයක් (inflammatory state) කියන්න පුලුවන්. විශේෂයෙන් ආමාශයික යුෂයේ (Gastric juice) අධික ක්‍රියාකාරීත්වය නිසා දීර්ඝ කාලීනව ආමාශයේ බිත්ති තුවාල වීමත් ඒ නිසා ඒවායේ ක්‍රියාකාරීත්වය අඩාල වීමත් මෙයට අදාල වෙනවා.


 

Gastritis වල රෝග ලක්ෂණ මොනවාද? (Symptoms of Gastritis)

බඩේ දැවිල්ලක් එහෙමත් නැත්නම් බඩේ කොහේහරි ඇතිවන වේදනාවක් ගැස්ට්‍රයිටිස් / ගැස්ටික් කියලා හදුන්වන්න අපේ ජනතාව පුරුදුවෙලා ඉන්නවා. සමහර විට මේ නිසාම සමහර ආහාර මාර්ග අශ්‍රිත පිළිකා (gastric cancers) වගේ තත්ත්ව මගහැරෙන අවස්ථාත් තියෙන්න පුලුවන්. ඒ නිසාම ඔබගේ උදරය අශ්‍රිත ඇතිවන වේදනාව හරියටම ගැස්ට්‍රයිටිස්ද එහෙමත් නැත්නම් වෙනත් තත්ත්වයක්ද කියලා ඔබේ වෛද්‍යයවරයා එක්ක සාකච්ඡා කිරීම ඉතාම වැදගත් කාරණයක් වෙනවා.

Endoscopy test for gastritis in Sri lanka

කොහොම වුනත් ගැස්ට්‍රයිටිස් වලදි පහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවිය හැකියි
1. බඩ දැවිල්ල (Gastric burning)
2. බඩ පිපීම (Bloating)
3. උගුරට ඒම (Regurgitation)
4. ආහාර අරුචිය (Loss of Appitite)
5. නිතර ඇතිවන හිසරදය (Headache)


 

ගැස්ට්‍රයිටිස් සඳහා සිදුකරන පරික්ෂණ (Investigations for Gastritis)

විශේෂයෙන් මෙම රෝගයේදී වැදගත්ම පරික්ෂණය වන්නේ උදරයට කැමරාවක් යොදා සිදුකරන පරික්ෂනයයි, මෙය එන්ඩොස්කොපි පරික්ෂාව (Endoscopy Test / UGIE) ලෙසත් හදුන්වනවා. මෙහිදි ගැස්ට්‍රයිටිස් වල මට්ටම (stage of gastritis), ආමාශයේ තුවාල (Gastric ulcers) ඇතිවී ඇද්ද යන්න, සැක කටයුතු කොටස් (suspicious areas) පවතීද යන්න වගේ බොහෝ කරුණු පරික්ෂා කර හැකියි. ඒ නිසාම නිතර ගැස්ට්‍රයිටිස් තත්ත්වයට මුහුනදෙන ඔබ එන්ඩොස්කොපි පරික්ෂාවකට යොමුවීම ඉතාම වැදගත් වෙනවා.

Endoscopy test එන්ඩොස්කොපි පරික්ෂාව

ගැස්ට්‍රයිටිස් නිසා ඇතිවන සංකූලතා (Complications of Gastritis)

  1.  ආහාර අරුචිය සහ වමනය
  2.  ආමාශයේ ඇතිවන පිළිකා තත්ත්ව
  3.  අමාශයේ තුවාල ඇතිවීම සහ මල සමග රුධිරය පිටවීම

     

අමාශයික ප්‍රදාහය (Gastritis) සඳහා හේතුවන කරුණු මොනවාද?

අපි ගොඩක් වෙලාවට හිතන්නේ ගැස්ට්‍රයිටිස් කියන්නේ හරියට වෙලාවට කැම නොගැනීම නිසා ඇතිවන රෝගී තත්ත්වයක් කියලා. හරියට වෙලාවට කලාවට කැම නොගත්තාම ගැස්ට්‍රයිටිස් ඇතිවෙන්න පුලුවන්. නමුත් ඒ ඇරෙන්න ගැස්ට්‍රයිටිස් සඳහ වෙනත් හේතු ගනනාවක් තියෙනවා.

1. අක්‍රමවත් අහාර රටාව (Unhealthy food habits)

නූතන සමාජ රටාවත් එක්කම අපි නිතරම ගොඩක් කාර්යය බහුලයි. අපිට පුරුදු බත් වෙනුවට අපි නිතරම කන්නේ පිටි ආශ්‍රිත ආහාර. ඒ එක්කම සමහර අය බොහෝවිට ආහාර වේල් මග හරිනවා. මේ නිසාම ආහාර මාර්ගයෙන් ආමාශයික යුෂය නිකුත් කරන අවස්ථාවේ අහාර නැති වුවහොත් ක්‍රමයෙන් ආමාශයේ තුවාල ඇතිවීම සිදුවෙනවා.

ඒ එක්කම අධික ලුණු සහිත ආහාර (salty foods) , අධික තෙල් සහිත ආහාරත් නිතර ගැස්ට්‍රයිටිස් එන්න බලපානවා.

2. අධික මානසික ආතතිය (Psychological Stress)

නූතන සමාජ ක්‍රමය තුල අපිට ඉතා විශාල මානසික පීඩනයකට මුහුන දෙන්න වෙලා තියෙනවා. මේ කියන මානසික ආතතියත් ගැස්ට්‍රයිටිස් වලට ලොකු හේතුවක් වෙන්න පුලුවන්. විශේෂයෙන් විශාදය (Depression) වගේ තත්ත්ව වලදීත් මෙය බහුලව දකින්නට ලැබෙන තත්ත්වයක්.

3. දීර්ඝ කාලීන ඖෂධ භාවිතය (Prolong medications)

අපි දකින එක පොදු දෙයක් තමයි ගොඩක් වේදනා නාශක (Analgisics/ NSAIDS) ගන්න පුද්ගලයන්ට නිතර ගැස්ට්‍රයිටිස් තත්ත්ව මතු වෙනවා කියන එක. ඒ එක්කම සමහර ප්‍රති ජීවක (Antibiotics) වලටත් මෙම තත්ත්වය මතු වෙන්න පුලුවන්. ඒ ඇරෙන්න දීර්ඝ කාලීනව භාවිත වන තවත් බොහෝ ඖෂධ නිසා මෙම තත්ත්වය මතු වෙන්න පුලුවන්.

4. ආහාර ආර්ගයේ පිලිකා තත්ත්ව

විශේෂයෙන් අමාශය ආශ්‍රිතව ඇති පිලිකා තත්ව (Gastric Cancers) නිසා ගැස්ට්‍රයිටිස් ඇතිවිය හැකියි.

5. හෙලිකොබැක්ටර් ආසාදනය (Helicobactor Infection)

Helico bactor infection in stomach

අපි ගොඩක් දෙනෙක් නොසිතන දෙයක් තමයි ගැස්ට්‍රටිස් කියන අසනීපය බැක්ටීරියාවක් මගින් ඇතිවිය හැකි බව. නමුත් නවතම පරික්ෂණ වලින් හොයගෙන තියෙන විදියට ඒ සඳහා සමහර අවස්ථා වලදී බැක්ටීරියාවක් බලපාන්න පුලුවන්. ඒ සඳහා හේතුවන බැක්ටීරියාව Helicobactor Pylori ලෙස හඳුන්වනවා.

6. ආහාර මාර්ගයේ සැකැස්මේ දුර්වලතා (Anatomical abnormalities of GI System)

සමහර පුද්ගලයන්ගේ ආමාශයේ සමහර කොටස් උඩට නෙරා ඒම, එහෙමත් නැත්නම් කපාට වල දුර්වලතා දක්නට ලැබෙනවා. මේවාත් ගැස්ට්‍රටිටිස් සඳහා බලපානවා.


ගැස්ට්‍රටිස් රෝගය සඳහා ප්‍රතිකාර ක්‍රම (Gastritis treatments)

ගැස්ට්‍රටිස් සඳහා විවිධ වෛද්‍යය ක්‍රම වලදී යොදාගන්නා ප්‍රතිකාර ක්‍රම (gastritis treatments) වෙනස්. උදාහරනයක් විදියට බටහිර වෛද්‍යය ක්‍රමයේදි භාවිතා කරන ඖෂධ සහ ආයුර්වේද වෛද්‍යය ක්‍රමයේදි ගැස්ට්‍රයිටිස් සඳහා භාවිතා කරන ප්‍රතිකාර ක්‍රම එකිනෙකට වෙනස්. ඒවායින් ඔබට සුදුසු ක්‍රමයක් ‍තෝරාගෙන සුදුසුකම් සහිත වෛද්‍යයවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීම තමයි වැදගත්ම කාරනය වන්නේ.

ජීවන රටාවල වෙනස්කම් ඇතිකිරීම (Lifestyle Changes)

අපි මුලින් කතාකලා වගේ ගැස්ට්‍රටිස් කියන්නේ ජීවන රටාවත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙන රෝගයක්. ඒ නිසාම ගැස්ට්‍රයිටිස් අඩු කර ගන්න අනිවාර්යෙන්ම ජීවන රටාවේ වෙනස්කම් (lifestyle changes ) කරන්න වෙනවා. වෙලාවට ආහාර ගැනීම (timely meals), මත්පැන් භාවිතය සීමා කිරීම (limiting the alcohol), නිසි ව්‍යායම(proper exercise) සහ ජීවන ක්‍රමවේද වගේ බොහෝ දේවල් වෙනස් කරන්න වෙනවා.

 

ඖෂධ ප්‍රතිකාර (Medications for Gastritis)

ගැස්ට්‍රයිටිස් වලදි බොහෝදෙනෙක් අවධානය යොමු කරන්නේ ඖෂධ ප්‍රතිකාර (pharmacological management of gastrtis) වලට. ඒ අතර බොහෝ රෝගීන් වෛද්‍යයවරයෙක් වෙත යොමුවෙලා නිසි ප්‍රතිකාර ගන්නවට වඩා තමන් විසින්ම Omeprazole කියන ඖෂධය ඉදහිට ලබා ගැනීම මගින් මෙම රෝගය පාලනය කර ගැනීමට එහෙමත් නැත්නම් සුව කර ගැනීමට උත්සහ කරන්වා.

 

නමුත් ගැස්ට්‍රටිස් රෝගයේදී නිසි පරික්ෂාවක් සහ අවශ්‍යය අවස්ථා වලදී එන්ඩොස්කොපි පරික්ෂණ වෙත යොමු වීමත් වැදගත් වෙනවා. ඒ එක්කම Omeprazole කියන ඖෂධය හැරුනු විට, ගැස්ට්‍රටිස් සඳහා තවත් බොහෝ ඖෂධ පවතිනවා (alternative gastritis medications), ඒවා වෛද්‍යය නිර්දේශ අනුව නිසි පරිදි යොදා ගැනීම සිදු කරන්න ඕනෙ. ඉතින් මේ වගේ අවස්ථාවකදි නිසි වෛද්‍යය උපදෙස් (proper medical advice) අවශ්‍යය වෙනවා.

හෙලිකොබැක්ටර් ප්‍රතිකාරය (Helicobactor Irradication Treatment)

මෙයත් ඖෂධ ප්‍රතිකාරයක් වුනත්, වෙන්කරලා සිදුකරනවා. මේ වගේ ප්‍රතිකාර ක්‍රමයක් අවශ්‍යය වන්නේ සාමාන්‍ය ප්‍රතිකාර වලින් සුව නොවන අවස්ථාවලදියි. මෙහිදි හෙලිකොබැක්ටර් නම් බැක්ටීරියාවර්ගය සහමුලින්ම ඉවත් කිරීම (Helicobactor pylori irracdication treatment) සඳහා දින් 7, 14 වැනි දීර්ඝ ප්‍රතිකාර සිදුකරනු ලබනවා.

ගැස්ට්‍රයිටිස් ලෙස වැරදියට හඳුනාගන්නා වෙනත් රෝග තත්ත්ව (differential diagnosis of gastritis)

කලින් සඳහන් කලා වගේම සමහර පුද්ගලයන් ගැස්ට්‍රයිටිස් කියලා හිතාගෙන වෙනත් රෝග තත්ත්ව වලදීත් ගැස්ට්‍රටිස් සඳහා වන ප්‍රතිකාර දිගින් දිගට ලගා ගැනීම නිසා අමාරුවේ වැටෙන අවස්ථා ඔනේ තරම් දැකලා තියෙනවා. ඒ අතර පහත තත්ත්ව තියෙනවා

  1.  ආමාශයේ පිලිකා (Gastric Cancers)
  2.  පිත්තාශයේ පවතින ගල් (Biliary Calculi)
  3.  අගන්‍යාශයේ රෝග තත්ත්ව (Pancreatic tumors and other conditions)
  4.  ඇපෙන්ඩිසයිටිස් (Apendisayitis)
  5.  මුත්‍රාශයේ ගල් (Urinary Calculi)
  6.  පපුවේ අමාරුව (Myocardial Infarctions)

ඉතින් එකින් එකට ඇතිවන රෝග ලක්ශණ වෙනස්. ඒ නිසාම ඒ ඒ අවස්ථාවලදි සිදුකරන ප්‍රතිකාර ක්‍රමත් වෙනස්. ඉතින් දිගින් ඩිගටම බඩේ වේදනාව පවතිනවානම් ගොඩ වෙදකම් නොකර නිසි වෛද්‍යය උපදෙස් වලට යොමුවෙන එක වැදගත් කාරණයක්.

 

By Dr. Sanjaya U Jayasooriya

Dr Sanjaya U jayasooriya is a doctor with experience in different fields of health including obstetrics, general medicine, renal medicine & dialysis, Transfusion medicine and etc. He is a health educator and general practitioner.

Leave a comment

Your email address will not be published. Required fields are marked *