අධි රුධිර පීඩනය (Hypertension) එහෙමත් නැත්නම් ප්‍රෙෂර් කියන්නේ ගොඩක් දෙනෙක්ට නිතර අහන්න දකින්න ලැබෙන රෝගයක්. සමාන්‍යයන් ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 23%ක් පමණම අධික රුධිර පීඩනයෙන් පෙලෙන බව හඳුනාගෙන තියෙනවා.
ඒ එක්කම තමයි ප්‍රෙෂර් කියන්නේ ගොඩක් සංකූලතා ඇතිවෙන්න පුලුවන් රෝගයක් කියලා කියන්න පුලුවන්. ඒ එක්කම දියවැඩියාව (Diabetes), අංශභාගය (Stroke), කොලෙස්ටරෝල් (Hypocholesteremia), වකුගඩු රෝග (Kidney disease), පපුවේ අමාරුව (Myocardia infarction) වගේ රෝග ගනනාවක් එක්කම මෙම රෝගය සම්බන්ධයයි.
අධික රුධිරපීඩනය කියන්නේ කුමක්ද? (What is hypertension)
සාමන්‍යයෙන් පුද්ගලයෙකුගේ රුධිර පීඩනය(blood pressure) වයස, ස්ත්‍රී පුරුෂ භාවය වගේ බොහෝ කාරණා මත තීරණය වෙනවා. නමුත් වැඩිහිටියෙකුගේ රුධිර පීඩනය 110-120/70-80mmHg අතර අගයක පවතිනවා.
නමුත් වැඩිහිටියෙකුගේ අධි රුධිර පීඩනය (high blood pressure) කියලා හඳුන්වන්නේ රුධිරපීඩනය 135/85mmHg ට වඩා වැඩි වූ විටයි.
අධි රුධිර පීඩනය වර්ගකිරීම
අධි රුධිර පීඩනය ප්‍රධාන ආකාර 2ක් පවතිනවා
1. ප්‍රාථමික අධි රුධිර පීඩනය (primary hypertension)
2. ද්විතික අධි රුධිර පීඩනය (secondary hypertension)
1. ප්‍රාථමික අධි රුධිර පීඩනය (primary hypertension)
යම් විශේෂිත රෝගකාරකයක් නොමැතිව ඇතිවන රුධිරපීඩනය, ප්‍රාථමික අධි රුධිරපීඩනය ලෙස හඳුන්වන්න පුලුවන්. මේ සඳහා විශේෂිත හේතුකාරකයක් නොපැවතියත් පහත හේතුකාරක බලපාන්න පුලුවන්
- ජීවන රටාවේ ගැටලු (Issues with lifestyle)
- දුම්බීම (Smoking)
- ආහාර රටාවේ ගැටලු (Issues with food habits)
- මානසික ආතතිය (Mental stress)
2. ද්විතික අධි රුධිර පීඩනය (secondary hypertension)
මේ සඳහා විශේෂිත රෝග නිධානයක් පවති.
1. වකුගඩු රෝග Kidney disease)
2. නින්ද සම්බන්ධ ගැටලු (Sleeping disorders)
3. මහා ධමනිය ආශ්‍රිත පටුවීම් (coarctation of aorta)
4. තයිරොයිඩ් ග්‍රන්තිය ආශ්‍රිත අසනීප තත්ත්ව (Thyroid disorders)
5. අධිවෘක්ක සම්බන්ධ ගැටලු (Adrenal disorders)
අධි රුධිර පීඩනය හඳුනාගන්නේ කොහොමද? (how to identify hypertention)
ගොඩක් දෙනෙක් අපි ලගට ඇවිල්ලා කියන එක පොදු කාරණයක් තමයි, ඩොක්ටර් මට තද ඔලුවේ කැක්කුමක් එනවා. ප්‍රෙෂර්ද දන්නේ නැ කියන එක. නමුත් අධික රුධිර පීඩනය නිසා ඇතිවෙන හිසරදය වගේ රෝග ලක්ෂණ ඇතිවෙන්නේ කලාතුරකින්. සරලවම කීවොත් බොහෝවිට ඉතා ඉහල රුධිර පීඩනයක් ඇතිවූවොත් පමණයි.
අධික රුධිර පීඩනය සහිත රෝගීන් හඳුනාගන්න ආකාර කීපයක් පවතින
අහම්බු වෛද්‍යය පරීක්ෂණවලින් (Random medical screening)
ගොඩක් වෙලාවට හදීසියේ කරන මෙඩිකල් කැම්ප් එකක්දි, එහෙමත් නැත්නම් ලේ දෙන්න ගිය වෙලාවකදි, එහෙමත් නැත්නම් ලයිසන් එකක් ගන්න යනකොට කරන වෛද්‍යය පරීක්ෂණයකින් ප්‍රෙෂර් වැඩී කියලා දැනගන්න රෝගීන්, බොහෝ ප්‍රමාණයක් අපිට හමුවෙනවා. මේ අතර ඉන්න 99%ක්ම කිසිම රෝග ලක්ෂණයක් නැති පුද්ගලයන් වීම විශේෂයි.
වාර්ෂික හෝ කාලික වෛද්‍යය පරීක්ෂණවලින් (Annual / Periodical health screening)
අධි රුධිර පීඩනය සහිත රෝගීන් හඳුනාගන්න අනෙක් ක්‍රමය තමයි කලින් කලට කරන වෛද්‍යය පරීක්ෂණ. විශේෂයෙන් ඔබේ රැකියා ස්ථානයේදී එහෙමත් නැත්නම් ඔබගේ පවුලේ වෛද්‍යයවරයා විසින් ඔබට කලින් කලට මෙවැනි පරීක්ෂණ නිර්දේශ කරන්වා. විශේෂයෙන් අවුරුදු 45 පසුවූ හැම දෙනාම මේ සඳහා යොමුවීම වැදගත්.
රෝග ලක්ෂණ වලින් (Symptoms of hypertension)
ඉදහිට අපිට හමුවෙන රෝගීන් ගත්තාම ඔවුන්ගෙන් කොටසක් හිසරදය වගේ රෝග ලක්ෂණ සහිතව අපිට හමුවෙනවා. ඔවුන් හොදින් පරික්ෂාකර බලන විට සමහර පුද්ගලයන්ට අධි රුධිරපීඩනය සහිත බව හඳුනාගන්න ලැබෙනවා.
හයිපර්ටෙන්ෂන් වල රෝග ලක්ෂණ (Symptoms of hypertension)
- දැඩි හිසරදය
- කලන්තය
- බොදවී පෙනීම
- වමනය
- පපුව කම්පනය වැඩිපුර දැනීම
අධික රුධිරපීඩනය නිසා ඇතිවන සංකූලතා (Complications of hypertension)
- අංශභාගය (Stroke)
- හෘදරෝග (Myocardial infarction)
- කාලින වකුගඩු රෝගය (Chronic kidney disease)
- මෙටබොලික් සින්ඩ්‍රෝමය (Metabolic Syndrome)
- අමතකවීමේ රෝගය (Dementia)
අධි රුධිරපීඩනයෙන් මිදීමේ ඖෂධ නොවන ක්‍රම
- ලුණු භාවිතය අවම කිරීම (Low salt intake)
- දෛනික ව්‍යායාම (Daily regular exercise)
- දුම්පානයෙන් වැළකීම (Cessation of smoking)
- ක්‍රියාකාරී ජීවන රටාව (Active lifestyle)
- ආතතිය පාලනය කිරීමේ ක්‍රියාමාර්ග (Proper management of stress)
උදාහරණ : භාවනාවල යෙදීම, යෝග අභයාස, විනෝදාංශ
අධි රුධිරපීඩනය සඳහා ප්‍රතිකාර (Treatments for high blood pressure)
General practitioner ලෙස කටයුතු කිරීමේදී මා නිතර දකින පුරුද්දක් තමයි, බොහෝදෙනා අධි රුධිර පීඩනය සඳහා ස්වයං ප්‍රතිකාර (self medication) ලබාගන්නවා. සමහර විට වසර 5 කට 6ටවත් වෛද්‍යයවරයෙක් හමුවෙන්නේ නැ. ගොඩක් වෙලාවට ඔවුන් අධික රුධිර පීඩනය ඇතිබව හඳුනාගත් අවස්ථාවේ ලබාදුන්න ප්‍රතිකාරයම දිගින් දිගටම ලබා ගන්නවා.
නමුත් අධි රුධිරපීඩනය සහිත රෝගියෙක් කාලීනව රුධිර පීඩනය පරික්ෂාකර ගත යුතුයි. ඒ එක්කම කාලීනව විවිධ සංකූලතා සඳහා අවශ්‍යය පරික්ෂාවන් කරගත යුතුයි. ඉතින් එහෙම නොවුනොත් ඔබට අදාල සංකූලතාවලින් ආරක්ෂාවෙන්න ලැබෙන්නේ නැ.
ඉහත කියපු ජීවන රටාවල වෙනස්කම් වගේම නිසි ප්‍රතිකාරවලට නිසිලෙස යොමුවීම මගින් මෙම රෝගය නිසා ඇතිවන සංකූලතා අවම කරගෙන ඉතා පහසුවෙන් ජීවිතය ගත කරන්න පුලුවන්.
අශ්‍රිත මූලාශ (Referance)
- Katulanda P, Ranasinghe P, Jayawardena R, Constantine GR, Rezvi Sheriff MH, Matthews DR. The prevalence, predictors and associations of hypertension in Sri Lanka: a cross-sectional population based national survey. Clin Exp Hypertens. 2014;36(7):484-91. doi: 10.3109/10641963.2013.863321.
- Senanayake, Sameeraa,b; Ruwanpathirana, Thilangaa; Gunawardena, Nalikac Hypertension in a rural community in Sri Lanka, Journal of Hypertension: September 2019 – Volume 37 – Issue 9 – p 1805-1812
doi: 10.1097/HJH.0000000000002107 - WHO : Hypertension
- 2020 International Society of Hypertension Global Hypertension Practice Guidelines by American heart association