හෘද කම්පනය (cardiogenic shock) මාරාන්තිකයි, වලක්වාගමු

හෘද කම්පනය (Cardiogenic Shock) යනු ජීවිතයට තර්ජනයක් වන තත්වයක් වන අතර, එය ඔබේ හදවතට (Heart) හදිසියේම ඔබේ ශරීරයේ අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් තරම් රුධිරය පොම්ප කළ නොහැකි අවස්ථාවකි. මෙම තත්වය බොහෝ විට දරුණු හෘදයාබාධයක් (Heart attack/ Myocardial infoaction) නිසා ඇති වන නමුත් හෘදයාබාධ ඇති සෑම කෙනෙකුටම හෘද කම්පනය ඇති වෙන්නේ නැ. එසේ වුවද cardiogenic shock කියන්නේ… Continue reading හෘද කම්පනය (cardiogenic shock) මාරාන්තිකයි, වලක්වාගමු

මී උණ (Leptospirosis) හෙවත් ගොවීන්ගේ මාරයා

මී උණ – leptospirosis කියන්නේ අපි නිතර අහන රෝග තත්ත්වයක්. එහෙම උනත් මෙම රෝගයේ තිබෙන දරුණු බව අපට තවමත් හරිහැටි අවබෝධ වී නැ. නාගරික ජනතාවට මී උණ (mee una) කියන්නේ ඉතා විරල රෝගී තත්ත්වයක් වූවත් ගොවිතැන මුල් කරගත් සමාජවලට මී උණ කියන්නේ නිතර අහන්න ලැබෙන රෝගී තත්ත්වයක්  (leptospirosis is common condition in farming societies) වෙනවා… Continue reading මී උණ (Leptospirosis) හෙවත් ගොවීන්ගේ මාරයා

පංචකර්ම- Panchakarma Treatments

ආයුර්වේදීය පංචකර්ම (Ayurvedic Panchakarma)  ගැන වර්තමානයේ බහුලව කතාබහට ලක්වුනත් බහුතර පිරිසක් තුළ ඇත්තේ ඉතාම අල්ප දැනුමක්. ආයුර්වේද පංචකර්ම කියන්නේ ආයුර්වේදය තුළ ප්‍රධානම ස්ථානයක් ගන්න දෙයක්. පංචකර්ම වලින් සිදුකරන්නේ අපේ ශරීරය ඇතුළත රෝග ඇතිකරන දේවල් අපේ ශරීරය කපා කොටා නොදමාම එළියට ඇද දැමීමක්. ඒ විදියට එළියට ඇදලා දාන විධි ප්‍රධාන වශයෙන් කොටස් පහකින් විස්තර කරලා තියෙනවා.… Continue reading පංචකර්ම- Panchakarma Treatments

හදීසියකදි එන බඩේ වේදනාව ඇපෙන්ඩිසයිටිස්ද?(Appendicitis)

ඇපෙන්ඩිසයිටිස් (appendicitis) එහෙමත් නැත්නම් උණ්ඩුක පුච්ච ප්‍රදාහය කියන්නේ ගොඩක් දෙනෙක් මුහුන දීලා තියෙන තත්ත්වයක් කියන්න පුලුවන්. ඒ කියන්නේ උණ්ඩුක පුච්ච ප්‍රදාහය කියන්නේ ඒ තරමටම බහුල රෝගී තත්ත්වයක්. මේ රෝගී තත්ත්වය සත්ව ලෝකයේ මිනිසා සහ තවත් වදුරු විශේෂයකට පමණක් සීමා වුන රෝගී තත්තවයක් කියලා හඳුන්වන්න පුලුවන්. ඒත් ඇයි appendicitis මිනිසාට විතරක් හැදෙන්නේ? ඇත්තටම කීවොත් උණ්ඩුක පුච්ඡය… Continue reading හදීසියකදි එන බඩේ වේදනාව ඇපෙන්ඩිසයිටිස්ද?(Appendicitis)

නිතර ඇතිවන බඩේ වේදනාව ගැස්ට්‍රයිටිස්මද? (Gastritis)

ගැස්ට්‍රිටිස් (Gastritis) , හැමදාම එන බඩේ දැවිල්ල (gastric burning) , එහෙමත් නැත්නම් උගුරට එන එක (Regugitation) , අපිට නිතර රෝගීන්ගෙන් අහන්න ලැබෙන කන්කෙදිරියක්.   ඉතින් ගොඩක් දෙනක්ගෙන් අහන්න ලැබෙන එක ප්‍රශ්නයක් තමයි හරියට කැම කන්න වෙලාවක් නැ. එහෙමත් නැත්වනම් කැම කන්නේ වෙලා ගිහින් (improper eating habits) ඒ නිසා Gastritis හොද වෙන්නේ නැතිව ඇති කියලා.  … Continue reading නිතර ඇතිවන බඩේ වේදනාව ගැස්ට්‍රයිටිස්මද? (Gastritis)

දරුවන්ට ඇතිවන උණ වලිප්පුව ගැන කලබල වෙන්න එපා (Febrile Fits)

ඔබ කෙදිනක හෝ යම් කෙනෙක්ගේ දරදඩු බවත් සමග ඇතිවන අසාමන්‍යය මාංශපේෂි වලනයක් දැක ඇත්නම්, එය කොතරම් ඔබ තුළ මානසික ව්‍යාකූල බවක් ඇති කරන්නට සමත්ද යන්න තේරුම් ගන්න පුලුවන්. ඉතින් දරුවන්ගේ ඇතිවන වලිප්පු තත්ත්වයක් දෙමාපියන් අතර කොතරම් ව්‍යාකූල බවක් ඇති කිරීමට සමත්ද යන්න ඔබට වැටහෙනවා ඇත. කොහොම උනත් උණ වලිප්පුව එසේත් නැත්නම් කුඩා කලයේදී ඇතිවන ෆිට්එක… Continue reading දරුවන්ට ඇතිවන උණ වලිප්පුව ගැන කලබල වෙන්න එපා (Febrile Fits)

වර්ෂාකාලයේ එන ඩෙංගු මාරයාගෙන් ප්‍රවේශම් වෙමු (Dengue Fever)

ඩෙංගු උණ (Dengue Fever) කියන්නේ වර්ෂාකලයට විශේෂයෙන් කතාබහට ලක්වන රෝග තත්ත්වයක්. මොකද කීවොත් සෑම වසරකම වර්ෂාකාලය ආශ්‍රිතව ඩෙන්ගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් පෙන්නුම් කරනවා. ආසන්න වශයෙන් වසරකට මෙම රෝග තත්ත්වය සහිත රෝගීන් 5000 සිට 10,000ක් පමණ වාර්තාවෙනවා. ඒ එක්කම ඩෙංගු රෝග තත්ත්වය නිසා සාමාන්‍යයෙන් වසරකට රෝගීන් 50ක් පමන මිය යන අතරම දැනට මෙම අගය ඉතා පහල… Continue reading වර්ෂාකාලයේ එන ඩෙංගු මාරයාගෙන් ප්‍රවේශම් වෙමු (Dengue Fever)

ප්‍රොස්ටිනොර් ගැනීමෙන් හදීසි ගැබ් ගැනීම් සාර්ථකව මැඩලමු (Let’s

අපේ පෙජ් එකට නිතරම එන ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් තමයි, අනාරක්ෂිත ලිංගික සංසර්ගයකින් පසු දරුවන් ඇතිවීම වලක්වාගන්නේ කොහොමද (How to prevent pregnancies following unplanned sex?) කියන එක. ගොඩක් දෙනක් කළබල වෙන්නේ තමන්ට වෙලාවට හැදුන ආර්තවය වීම ප්‍රමාද වීමත් එක්ක, හදිසියෙවත් දරුවෙක් හිටියොත් නීතිවිරෝධි ගබ්සා වලටත් ඔවුන් යොමුවෙන බව පේනවා. ඒ නිසාම හදිසි සංසර්ගයකින් පස්සේ ගැටලුවක්… Continue reading ප්‍රොස්ටිනොර් ගැනීමෙන් හදීසි ගැබ් ගැනීම් සාර්ථකව මැඩලමු (Let’s

නිදන්ගත වකුගඩු රෝගය (Chronic Kidney Disease)

නිදන්ගත වකුගඩු රෝගය (Chronic Kidney Disease) හෙවත් දීර්ඝ කාලීන වකුගඩු අකර්මණ්‍යයතාවය යනු අදවන විට බාල, තරුණ, මහලු වෙනසක් නැතිවම හැමදෙනාටම දකින්නට ලැබෙන රෝගී තත්ත්වයක්. ජලයේ පවතින කඨින බව හෝ බැරලෝහ නිසා නිදන්ගත වකුගඩු රෝගය ඇතිවන බව බොහෝදෙනා අතර මතයක් පැවතියද, උතුරුමැද පලාත හැරුනු විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිටින නිදන්ගත වකුගඩු රෝගය සහිත රෝගීන්ගේ ඒ සඳහා… Continue reading නිදන්ගත වකුගඩු රෝගය (Chronic Kidney Disease)

දරුවා ලැබෙන දිනය දැනගමු (Lets know the Expected date of delivery of your baby)

ඇත්තටම කීවොත් දරුවන් කියන්නේ දෙමාපියන්ට ලොකු සම්පතක්. දරුවන් කීපදෙනෙක් ඉන්න අම්මලා තාත්තලා වගේම, කවදාවත් දරුවෙකුගේ හිනාව දකින්න නොලැබුන අම්මලා තාත්තලත් ඕනේ තරම් අපිට දෛනිකව හමුවෙනවා. ඉතින් දරුවෙක් පිළිසිඳගැනීම (Getting pregnant) කියන්නේ අම්මලා තත්තලාට ලොකු සතුටක්. ඒ ගොල්ල ඇගිලි ගැන ගැන ඉන්නේ කවදද මේ දරුවා මේ ලෝකෙට එන්නේ කියන එක. ඉතින් මේ කතා කරන්න යන්නේ කොහොමද… Continue reading දරුවා ලැබෙන දිනය දැනගමු (Lets know the Expected date of delivery of your baby)